වැදගත් කරුණු

හැඳින්වීම

පුරාවිද්‍යා විෂය වනාහි වර්තමානය වන විට ශීඝ්‍ර ජනප්‍රියතාවක් අත්කරගන්නා වූත්, මහජන ආකර්ශනයට පත් වන්නා වූත් විෂයකි. මේ සඳහා සමාජ මාධ්‍යය හා වෙනත් මහජන මාධ්‍යය තුළින් ලැබී ඇති දායකත්වය ප්‍රමුඛ වශයෙන් ඉවහල් වී ඇත. එහෙත්, එකී ජනප්‍රියතාවට තදානූරූපීව ශ්‍රී ලංකා පුරාවිද්‍යාව හා පසුගිය කාල සීමාව තුළ එකී විෂය මඟින් උත්පාදනය කර ඇති දැනුම පිළිබඳ ව්‍යාජ හා මිත්‍යා ස්වරූපයේ හා සාධක සමඟ නොසැසදෙන විප්‍රකාර ද සමාජගතවන බව හඳුනාගත හැකි වේ.

එබැවින්, වසර 150ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත විෂයන් පිළිබඳ ගොඩනැඟී ඇති දැනුම හා දැනුම් කථිකාවන් පිළිබඳ ශ්‍රී ලාංකේය මහජනයා ස්වකීය මව් බසින් ම, විධිමත්ව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා තදාශ්‍රිත අනෙකුත් විෂයයන්ගෙන් සැලකිය යුතු වැඩි ප්‍රමාණයක් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම හා ඒවායේ උත්පාදනය කෙරී ඇති දැනුම පිළිබඳ මූලිකාංග ආවරණය වන ආකාරයට මෙම පාඨමාලාව පෙළ ගසා ඇත. අදාළ විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දිගු කාලීන පරිචයක් ලබාගත් ප්‍රාමාණික විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව දියත් වේ.

මෙම පාඨමාලාව කා සඳහා ද?

මාර්ගගත ආකාරයෙන් පැවැත්වෙන මෙම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු පාඨමාලාව පහත දැක්වෙන කණ්ඩායම් සඳහා දැනුමත් අවබෝධයත්, විෂය පිළිබඳ පරිචයත් ලබා ගැනීම සඳහා වැදගත් වනු ඇත.

  • ඉතිහාස විෂය උගන්වනු ලබන පාසල් ගුරුවරුන්
  • බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්‍යාර්ථීන්
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සමාගාමි ආයතනයන්හි සේවය කරනු ලබන පුරාවිද්‍යා උපාධිධාරීන් නොවන නිලධාරින්
  • උසස් පෙළ ඉතිහාස විෂය හදාරණු ලබන පාසල් සිසුන්
  • විශ්වවිද්‍යාලයන්හි පුරාවිද්‍යාව හා ඉතිහාසය පාඨමාලා හැදෑරීමට අපේක්ෂිත විද්‍යාර්ථීන්
  • දිවයිනෙන් බැහැරව සිටින එහෙත් මෙරට අතීතය පිළිබඳ විධිමත් දැනුමක් ලබා ගැනීමට උනන්දු අයවළුන්
  • ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳ විධිමත් හා නිවැරදි කරුණු පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීම සඳහා උනන්දු පුරවැසියන්

පාඨමාලාවේ සම්පත් දායකයින් :

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳ විධිමත් අවබෝධයක් සහිත, ඒ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයෙන් යුතු ශාස්ත්‍රාලීය පසුබිමක් සහිත අයවලුන් පමණක් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලබයි. මෙරට පිළිගත් විශ්වවිද්‍යාලීය මහාචාර්ය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආදි පුරාවිද්‍යා විද්වතුන් හා පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ ක්‍ෂේත්‍රයන්හී දීර්ඝ කාලීන අත්දැකීම් සහිත විද්වතුන් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලැබේ.

  නම ආයතනය
1 මහාචාර්ය ඔස්මන්ඩ් බොපේආරච්චි විද්‍යාත්මක පර්යේෂණ සඳහා ප්‍රංශ ජාතික මධ්‍යස්ථානයේ සම්මානනීත පර්යේෂණ අධ්‍යක්ෂ
2 ආචාර්ය ගාමිණි විජේසූරිය සංස්කෘතික උරුමය සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය අධ්‍යයනය කිරීම පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානය ICCROM (විශ්‍රාමික)
3 මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (විශ්‍රාමික)
4 ආචාර්ය පී. විදානපතිරණ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (විශ්‍රාමික)
5 චන්දිම බණ්ඩාර අඹන්වල ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
6 ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරි බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලය, හෝමාගම
7 වාස්තු විද්‍යාඥ ප්‍රසන්න රත්නායක ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
8 ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මධ්‍යම සංස්කෘතික අරමුදල
9 පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මධ්‍යම සංස්කෘතික අරමුදල
10 පුරාවිද්‍යාඥ චිත්‍රමාලා තරංගණි මධ්‍යම සංස්කෘතික අරමුදල
11 නදීර හර්ෂජිත් දිසානායක පර්යේෂණ නිළධාරි, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය

පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :

මෙම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. එහෙත් පාඨමාලා ව සමඟ මාර්ගගත ආකාරයෙන් සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය වේ.

පාඨමාලාව ඉදිරිපත් කිරීම හා කළමනාකරණය :

වසර දශක එකහමාරක් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම ක්‍රමවත් හා වඩා විශ්වාසනීය අන්දමින් විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ජනගත කරමින්, ඒ සඳහා වේදිකාව සපයමින් කටයුතු කළ archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies– IAHS) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. 2021 වසරේ දී මෙම ශීර්ෂය යටතේ ම මෙම පාඨමාලාව පළමු වැනි වරට මාර්ගගත ආකාරයෙන් අති සාර්ථකව ඉදිරිපත් කළ අතර කාලානූරුපීව වර්ධනය කරන ලද විෂය මාලාවකට අනුව මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.

පුරාවිද්‍යාව හා උරුමය සම්බන්ධ පාඨමාලා මාර්ගගත අකාරයෙන් ඉදිරිපත් කර මුළුමහත් සිංහල භාෂක සමාජයට කිසිදු භේදයකින් තොරව පුරාවිද්‍යාව හා සමගාමි විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් කටයුතු කළ, පුරෝගාමි ආයතයන වන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි ලාභ නොලබන සමාගමකි. විවිධ ශිර්ෂ යටතේ මාර්ගගත පාඨමාලා ගණනාවක් ඉදිරිපත් කර විද්‍යාර්ථින් 500 පමණ දැනුම ලබා ගැනීමට අවස්ථාව උදාකළ මෙම ආයතනය මෙම පාඨමාලා ඉදිරිපත් කිරීමෙන් ලබාගන්නා යම් ආදායමක් වේ නම් එය නැවත ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසාම කැප කරනු ලබයි.

පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

  • අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
  • විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
  • විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
  • පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
  • දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
  • සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම
  • විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
  • පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
  • සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
  • මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම

පාඨමාලාවේ අරමුණු :

කෙටිකාලින මාර්ගගත මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීම මඟින් පහත දැක්වෙන අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ ආරම්භය හා එම විෂයේ කාලානුරූපව සිදු වූ විකාශය පිළිබඳ අවබෝධයක් ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා නෛතික පසුබිම පිළිබඳ අවබෝධයක් ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා එහි විෂය පරාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම.
  • පසුගිය වසර 150ක පමණ කාලය තුළ මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ සිදු වූ පුරාවිද්‍යා ක්‍රියාකාරකම්, පර්යේෂණ හා බිහි කළ නව දැනුම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම.
  • මෙරට අතීතය පිළිබඳ විධිමත් අවබෝධයක් ලබාගැනීම තුළින් රට පිළිබඳ අභිමානයෙන් යුතු විධිමත් සාදකගත දැනුමින් පෝෂිත පුරවැසියෙකු බිහිකිරීමට දායක වීම.

අධ්‍යයන ඵල :

මෙම කෙටි කාලීන (මාර්ගගත) ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු පාඨමාලාව හදාරණ විද්‍යාර්ථියාට අදාළ පාඨමාලා කාලය අවසන් කිරීමෙන් පසු ව;

  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විෂයේ ආරම්භය හා එම විෂයේ විකාශය පැහැදිලි කළ හැකි වේ.
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා නෛතික පසුබිම විස්තර කළ හැකි වේ.
  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ එක් එක් ප්‍රධාන විෂ්‍ය ක්‍ෂේත්‍ර තුළ අනාවරණය කර ඇති දැනුම දළ වශයෙන් විස්තර කළ හැකි වේ.
  • ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ නව අධ්‍යයන ප්‍රවනතා හා අවකාශ පෙන්නුම් කළ හැකි වේ.
  • ව්‍යාජ හා මිත්‍යා පුරාවිද්‍යා දැනුමෙන් සාධක සහිත පුරාවිද්‍යා දැනුම වෙන්කර දැක්විය හැකි වේ.
  • ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ ප්‍රමුඛ ඥාන පරිදර්ශ පැහැදිලි කළ හැකි වේ.

පාඨමාලා අන්තර්ගතය :

අන්තර්ගතය දේශන කාලය සම්පත් දායකයින්
1 පාඨමාලාව හඳුන්වාදීමේ සැසිය

(පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය හා එහි ක්‍රියාකාරිත්වය හඳුන්වා දීම, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය, පාඨමාලාවේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය හඳුන්වා දීම)

1 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ නිළධාරි මඬුල්ල හා පාඨමාලාවේ සම්පත් දායකයින්
2 ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ ඉතිහාසය

(ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ ආරම්භය, විකාශනය හා වර්තමාන තත්ත්වය පිළිබඳවත් ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ වැදගත් පුද්ගලයින් පිළිබඳ මූලික අවධානයක් මෙම දේශනයේ දී යොමු කරනු ලැබේ.)

2 ආචාර්ය ඩබ්ලියු. ඉශංඛ මල්සිරි
3 ශ්‍රී ලංකා පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය, පුරාවිද්‍යා නීතිය, අණපනත් හා ස්ථාවර නියෝග

(ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ගාලු උරුම පදනම ආදි ශ්‍රී ලංකා පුරාවිද්‍යාව සම්බන්ධ ආයතන පද්ධතියත්, පුරාවස්තු ආඥාපනත ඇතුළු ශ්‍රි ලංකා පුරාවිද්‍යා කටයුතු වල දි බලාත්මක නෛතික එලඹුම් හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ ස්ථාවර නියෝග ආදිය පිළිබඳ මූලික අවධානයක් යොමු කරනු ලැබේ.)

2 මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල
4 ශ්‍රී ලංකාව ජනාවාස වීම : ප්‍රාග් ඉතිහාසය

(ශ්‍රී ලංකාවේ ජනාවාස වීම එනම්, ප්‍රාග් ඓතිහාසික කාලපරිච්ඡේදය වශයෙන් සැලකෙන පුරාශිලා යුගය, ක්‍ෂුද්‍රශිලා යුගය හා නව ශිලා යුගය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම අපේක්ෂා කෙරේ.)

2 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, චන්දිම බණ්ඩාර අඹන්වල
5 ශ්‍රී ලංකාවේ පූර්ව ඉතිහාසය : පූර්ව ඉතිහාසය

(ක්‍රිස්තු පූර්ව 10 වැනි සියවසත් ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසත් අතර කාලය එනම්, දිවයිනේ පූර්ව ඓතිහාසික කාල පරිච්ඡේදයේ සංස්කෘතික ලක්ෂණ වෙත ප්‍රමුඛ අවධානය යොමු කරමින් මහාශිලා සංස්කෘතිය හා එහි ලක්ෂණ පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනු ලැබේ.)

2 නදීර හර්ෂජිත් දිසානායක
6 ශ්‍රී ලංකාවේ පුරාණ නගර නිර්මාණය හා පුරාණ වාස්තු විද්‍යාව

(ශ්‍රී ලංකාවේ වාර්තාගත පළමු වැනි නගරය වන අනුරාධපුර නගරයේ ආරම්භය හා වර්ධනය මෙන්ම පොළොන්නරුව, සීගිරිය හා මහනුවර වැනි ඓතිහාසික නගර සැලසුම් පිළිබඳවත් අනුරාධපුර යුගයේ ආරාමිය වාස්තු විද්‍යාව පිළිබඳවත් මූලික අවබෝධයක් ලබා දීම අපේක්ෂා කරනු ලැබේ.)

2 වරලත් වාස්තුවිද්‍යාඥ ප්‍රසන්න බී. රත්නායක
7 ශ්‍රී ලංකාවේ කලා ඉතිහාසය : සිතුවම්, කැටයම් හා මූර්ති

(ප්‍රාග් ඓතිහාසික කලාවෙන් ඇරඹෙන මෙරට කලාවේ සම්භාව්‍ය යුගයේ ඇති වූ කලාකෘති මෙන්ම එම කලාවේ වර්ධනය හා එහි ලක්ෂණත් විශේෂයෙන්ම, මෙරට ප්‍රමුඛ කලා මාධ්‍යය වශයෙන් ප්‍රතිමා, සිතුවම් හා කැටයම් පිළිබඳ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරනු ලැබේ.)

2 මහාචාර්ය ඔස්මන්ඩ් බොපේආරච්චි
8 ශ්‍රී ලංකාවේ අභිලේඛන

(සංකේත භාවිතයේ සිට අක්ෂර භාවිතාවේ ආරම්භයේ පටන් මහනුවර යුගය දක්වා මෙරට දක්නට ලැබෙන අභිලේඛන හා ඒවායේ අන්තර්ගතය, ලක්ෂණ හා පුරා අක්ෂර විද්‍යාත්මක විකාශය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම මෙම දේශනයේ දි අපේක්ෂා කෙරේ.)

2 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, චන්දිම බණ්ඩාර අඹන්වල
9 ශ්‍රී ලංකාවේ පුරාණ කාසි පද්ධතිය

(ආරම්භක කාලයේ පටන් යටත් විජිත අවධිය දක්වා මෙරට තුළ භාවිත කරන ලද දේශිය මෙන්ම විදේශීය කාසි පද්ධතිය පිළිබඳ මූලික හඳුන්වා දීමක් සිදුකිරීම මෙම දේශනයේ දී අරමුණු කෙරේ.)

2 පුරාවිද්‍යාඥ චිත්‍රමාලා තරංගණි
10 වාරි-කෘෂි ශිෂ්ටාචාරය හා වාරි තාක්ෂණය

(මෙරට වාරි කර්මාන්ත මත පදනම් වූ කෘෂි ශිෂ්ටාචාරය හා එහි ලක්ෂණ මෙන්ම වාපි කර්මාන්ත පිළිබඳවත් වාරි කර්මාන්තයන්ගේ තාක්ෂණික ලක්ෂණ පිළිබඳවත් මෙම දේශනයේ දී ප්‍රමුඛ වශයෙන් සාකච්ඡාවට බදුන් වේ.)

2 ආචාර්ය පී. විදානපතිරණ
11 ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව

(ශ්‍රී ලංකාව වටා වූ මුහුදේ හා රට ඇතුළට ජලය තුළ හා ජලය ඇසුරු කරමින් ස්ථානගත වී ඇති පුරාවිද්‍යාත්මක උරුමය හා ඒවා පිළිබඳ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක ගවේෂණ පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙම සැසියේ දි අපේක්ෂා කෙරේ.)

2 පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ
12 කාර්මික පුරාවිද්‍යාව හා ශ්‍රී ලංකාවේ යටත්විජිත උරුමය

(යටත්විජිත පාලන කාලය අතරතුර හා ඉන් පසු කාලයේ දී මෙරට දන්නට ලැබෙන, බටහිර කාර්මීකරණ ක්‍රියාවලිය හේතුවෙන් මෙරටට ලැබුණු තාක්ෂණික මෙවළම් හා වෙනත් කටයුතු සඳහා භාවිත වූ මෙවළම්, උපාංග මෙන් ම අනෙකුත් සමගාමි නිරූපණ පිළිබඳ මේ දක්වා මෙරට සිදු වී ඇති අධ්‍යයනත් ඒවා තුළින් අනාවරණය වී ඇති දැනුමත් පිළිබඳවත් මෙම සැසියේ දි සාකච්ඡාවට බඳුන් කරනු ලැබේ.)

2 ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු
13 ශ්‍රී ලංකාවේ ලෝක උරුම හා වෙනත් වැදගත් පුරාවිද්‍යා/උරුම ස්ථාන

එක්සත් ජාතින්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් නම් කර ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම ක්‍ෂේත්‍ර වෙත ප්‍රමුඛ අවධානයක් යොමුකරමින් මෙරට ඇති වෙනත් වැදගත් පුරාවිද්‍යා/උරුම ස්ථාන, ඒවායේ ලක්ෂණ හා ස්වභාවයන් පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙම සැසියේ දි අපේක්ෂා කෙරේ.

2 ආචාර්ය ගාමිණි විජේසූරිය
14 පොදු සාකච්ඡාව

(දේශන සැසි 14 තුළ සාකච්ඡාවට බඳුන් කළ එකිනෙක මාතෘකා පිළිබඳ පොදු සාකච්ඡාවක් සිදුකිරීමට මෙම කාලය වෙන් කෙරේ. එමෙන්ම, පාඨමාලාව පිළිබඳ සම්පත් දායක මඬුල්ලේ හා විද්‍යාර්ථින්ගේ අදහස් ද ඉදිරිපත් කිරීමට මෙම සැසියේ දි අවස්ථාව ලැබෙනු ඇත.)

1 සම්පත් දායක මඬුල්ලේ සහභාගිත්වයෙන්
26

දේශන පැවැත්වෙන ආකාරය :

මාර්ගගත දේශන කාලය පැය 30කි.

මෙම පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ සඳහා Zoom මෘදුකාංගය භාවිතා කරනු ඇත. දේශන සඳුදා හා බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් සම්බන්ධීකාරක හරහා අදාළ දේශකවරයාට යොමු කළ හැක. මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

ප්‍රායෝගික :

සහභාගි වන විද්‍යාර්ථින්ගේ රුචිකත්වය මත අනුරාධපුර / පොළොන්නරු ඓතිහාසික ප්‍රදේශ අළලා ක්‍ෂේත්‍ර සංචාරය. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවන බව කාරුණිකව සලකන්න.)

පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :

මෙම පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචි පදනම (first come first serve) මත සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණික ව සලකන්න.

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල්ක් 20,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2024 ජුලි 15 දින සිට 2024 ජුලි 31 වැනිදා දක්වා වේ. 2024 අගොස්තු 07 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.

2024 අගොස්තු 08 වැනිදා වන දින පාඨමාලාව ආරම්භ වේ.

අයදුම්පත

ශිෂ්‍ය ඇඟයීම :

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දී දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වේ (දේශන සඳහා සහභාගීත්වය අවම වශයෙන් සියයට 70ක් විය යුතු වේ).

පාඨමාලා කළමනාකරණය / සම්බන්ධිකරණය :

ඉංජිනේරු අනුරාධ පියදාස
ඉංජිනේරු අනුරාධ පියදාසපාඨමාලා කළමනාකරණය
සිතානි ජයතිස්ස
සිතානි ජයතිස්සපාඨමාලා සම්බන්ධිකරණය
වැඩි විස්තර සඳහා අමතන්න.
+94 70 789 9 789 (Whatsapp)
ආශා සුබාෂිණි
ආශා සුබාෂිණි පාඨමාලා සම්බන්ධිකරණය