වැදගත් කරුණු
හැඳින්වීම
පුරාවිද්‍යාව වනාහි මහජන ආකර්ශයක් ලබාගැනීමට සමත්වූ විෂයක් මෙන්ම ශක්තිමත් න්‍යායාත්මක පදනමක් ගොඩනඟා ගනිමින් විධිමත් ක්‍රමවේද පද්ධතියක් හරහා වර්ධනයක් අත්කර ගැනීමට සමත්වූ මානව අතීතය පිළිබඳ සොයාබලන විෂයයක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර වශයෙන් ද ආකර්ෂණීය විෂයක් වන මෙම විෂය අන්තර් හා බහු ආකාරයෙන් විෂයයන් ගණනාවක් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට සමත්ව ඇත. නිරන්තර මහජන අවධානයට ලක්වන පුරාවිද්‍යාව, ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ දී උගැන්වීම හා ඉගෙනීම විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයන්ට සීමා වී ඇත. මේ නිසා පුරාවිද්‍යා විෂය වෙත ආශක්ත පුරවැසියන් අති මහත් බහුතරයකට මෙම විෂය සමඟ විධිමත් ආකාරයෙන් අත්වැල් බැද ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. මෙවැනි පසුබිමක් තුළ, පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වයක් දක්වන, එමෙන්ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති පුද්ගලයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
පුරාවිද්‍යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් පැය 30ක දේශන කාලයක් ආවරණය කරමින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. සතියේ දින දෙකක දී රාත්‍රී කාලයේ පැය 2 බැගින් වූ සැසි 15කින් මෙම පාඨමාලාව ආවරණය කරනු ලබන අතර අදාළ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ දිගුකාලීන අත්දැකීම් සහිත විශ්වවිද්‍යාලීය මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ඇතුළු ව පුරාවිද්‍යා විෂය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් සහිත විද්වතුන් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.
- මෙම පාඨමාලාව කා සඳහා ද?
- පාඨමාලාවේ සම්පත් දායකයින් :
- පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :
- පාඨමාලාව ඉදිරිපත් කිරීම හා කළමනාකරණය :
- පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
- පාඨමාලාවේ අරමුණු :
- ඉගෙනුම් ඵල :
- පාඨමාලා අන්තර්ගතය :
- දේශන පැවැත්වෙන ආකාරය :
- ප්‍රායෝගික :
- පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :
- ශිෂ්‍ය ඇඟයීම :
- පාඨමාලා කළමනාකරණය / සම්බන්ධිකරණය :
මෙම පාඨමාලාව කා සඳහා ද?
මෙම (මාර්ගගත) පාඨමාලාව පහත දැක්වෙන ඉලක්කගත කණ්ඩායම් විශේෂයෙන් අරමුණු කර ඇත.
- විශ්වවිද්‍යාලයන්හි දී පුරාවිද්‍යාව හැදෑරීම සඳහා අපේක්‍ෂිත විද්‍යාර්ථින්
- තම මව්බිමේ අතීතය පිළිබඳ විධිමත්ව දැනගැනීමට රුචිකත්වයක් දක්වන විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්
- විනෝදාංශයක් වශයෙන් පුරාවිද්‍යාව පිළිබඳ හැදෑරීමට රුචිකත්වයක් දක්වන වෘත්තිකයින්
- බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරණු ලබන විද්‍යාර්ථීන්
- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සමගාමි වෙනත් ආයතනයන්ගේ සේවය කරනු ලබන, පුරාවිද්‍යා උපාධිධාරින් නොවන කාර්ය මණ්ඩල සාමාජිකයින්
- පාසල් තුළ ඉතිහාසය විෂය උගන්වනු ලබන ගුරුභවතුන්
- අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය ඉගෙන ගන්නා සිසුන්
- විශ්වවිද්‍යාලීය මට්ටමෙන් පුරාවිද්‍යා උපාධිය නොහැදෑරූ නමුත් පශ්චාත් උපාධි මට්ටමින් පුරාවිද්‍යාව හැදෑරීමට අපේක්‍ෂිත විද්‍යාර්ථීන්
- පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු එහෙත් එම විෂය පිළිබඳ උනන්දු හා රුචිකත්වයක් දක්වනු ලබන සියලුම පුරවැසියන්
පාඨමාලාවේ සම්පත් දායකයින් :
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳ විධිමත් අවබෝධයක් සහිත, ඒ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයෙන් යුතු ශාස්ත්‍රාලීය පසුබිමක් සහිත අයවලුන් පමණක් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලබයි. මෙරට පිළිගත් විශ්වවිද්‍යාලීය මහාචාර්ය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආදි පුරාවිද්‍යා විද්වතුන් හා පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ ක්‍ෂේත්‍රයන්හී දීර්ඝ කාලීන අත්දැකීම් සහිත විද්වතුන් මෙම පාඨමාලාවේ සම්පත් දායකයින් වශයෙන් කටයුතු කරනු ලැබේ.
නම | තනතුර |
---|---|
මහාචාර්ය ප්‍රිශාන්ත මණ්ඩාවල | මහාචාර්ය (විශ්‍රාමික), ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ. |
වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බී. රත්නායක | අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ |
ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය. |
ඉංජිනේරු අනුරාධ ඉන්දික පියදාස | අධ්‍යක්ෂක, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, කළුතර |
රසික මුතුකුමාරණ | පර්යේෂණ නිලධාරි, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල. |
චන්දිම අඹන්වල | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. |
ආචාර්ය ඉශංඛ මල්සිරි | කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. |
අනුපමා දමුණුපොල | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, කැළණිය විශ්වවිද්‍යාලය |
නදීර හර්ෂජිත් දිසානායක | පර්යේෂණ නිළධාරි, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය |
ඉන්දික රුවන් ජයසේකර | සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. |
පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකම් අපේක්‍ෂා කරනු නොලැබේ. සිංහල බස අසා අවබෝධ කර ගැනීමේ හැකියාව ප්‍රමාණවත් වේ.
පාඨමාලාව ඉදිරිපත් කිරීම හා කළමනාකරණය :
වසර දශක එකහමාරක් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම ක්‍රමවත් හා වඩා විශ්වාසනීය අන්දමින් විශ්වව්‍යාප්ත ජාලය ඔස්සේ ජනගත කරමින්, ඒ සඳහා වේදිකාව සපයමින් කටයුතු කළ archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (Institute of Archaeology and Heritage Studies– IAHS) විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. 2021 වසරේ දී මෙම ශීර්ෂය යටතේ ම මෙම පාඨමාලාව පළමු වැනි වරට මාර්ගගත ආකාරයෙන් අති සාර්ථකව ඉදිරිපත් කළ අතර කාලානූරුපීව වර්ධනය කරන ලද විෂය මාලාවකට අනුව මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
පුරාවිද්‍යාව හා උරුමය සම්බන්ධ පාඨමාලා මාර්ගගත අකාරයෙන් ඉදිරිපත් කර මුළුමහත් සිංහල භාෂක සමාජයට කිසිදු භේදයකින් තොරව පුරාවිද්‍යාව හා සමගාමි විෂයයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් කටයුතු කළ, පුරෝගාමි ආයතයන වන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි ලාභ නොලබන සමාගමකි. විවිධ ශිර්ෂ යටතේ මාර්ගගත පාඨමාලා ගණනාවක් ඉදිරිපත් කර විද්‍යාර්ථින් 500 පමණ දැනුම ලබා ගැනීමට අවස්ථාව උදාකළ මෙම ආයතනය මෙම පාඨමාලා ඉදිරිපත් කිරීමෙන් ලබාගන්නා යම් ආදායමක් වේ නම් එය නැවත ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසාම කැප කරනු ලබයි.
පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
- අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
- විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
- විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
- පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
- දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
- සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම
- විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
- පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
- සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
- මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම
පාඨමාලාවේ අරමුණු :
මෙම මාර්ගගත (කෙටි කාලීන) පාඨමාලාව තුළින් පහත දැක්වෙන අරමුණු ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරනු ලැබේ.
- පුරාවිද්‍යා විෂය පිළිබඳ අර්ථකතන පිළිබඳ අවබෝධයක් ලබා දීම
- මානව අතීතය හදාරණ ලබන විෂයක් වශයෙන් පුරාවිද්‍යාව ක්‍රමවත්ව වර්ධනය වූ ආකාරය හඳුන්වා දීම
- පුරාවිද්‍යාව ක්‍රමවත් ව වර්ධනය වූ ආකාරය හඳුන්වා දීම
- මිනිසාගේ අතීතය අධ්‍යයනය කරන විෂයයක් වශයෙන් පුරාවිද්‍යාවේ විශේෂතා හා එහි පවතින සීමා හඳුන්වා දීම
- පුරාවිද්‍යාව හා සම්බන්ධ තෝරාගත් අනුවිෂය පරාසයන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම
- සමාජීය මතවාද ක්‍ෂේත්‍රයේ හා ආර්ථික උත්පාදන ක්‍රියාවලියේ දායකයෙක් වශයෙන් පුරාවිද්‍යාවේ පවතින ශක්‍යතාවන් හඳුන්වා දීම
- පුරාවිද්‍යා විෂය හා විෂයේ ස්වභාවය හඳුන්වා දීම
- පුරාවිද්‍යා මූලාශ්‍ර හා පුරාවිද්‍යාවේ දී යොදාගන්නා ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් ලබා දීම
ඉගෙනුම් ඵල :
මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන විද්‍යාර්ථිනට පහත දැක්වෙන ඉගෙනුම් ඵල කරා ලඟා විය හැකි වේ.
- පුරාවිද්‍යාව හා පුරාවිද්‍යා විෂයේ ස්වභාවය පැහැදිලි කළ හැකි වේ
- ලෝක මට්ටමින් පුරාවිද්‍යා විෂයේ ආරම්භය හා එහි විකාශය පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්‍යාව හා සම්බන්ධ මූලික සංකල්ප පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්‍යාවේ දී යොදාගන්නා මූලික ක්‍රමවේදය පැහැදිලි කළ හැකි වේ
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා නීතිය පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්‍යා ස්ථාන හා ඒවායේ ස්වභාවය විධිමත්ව හඳුනාගත හැකි වේ
- වර්ධිත නූතන තාක්‍ෂණය පුරාවිද්‍යාව සමඟ සම්බන්ධ වන ආකාරය පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්‍යා අධ්‍යයන හා දැනුම බෙදාදීම සඳහා නූතන තාක්ෂණය යොදාගත හැකි වේ
- ආර්ථික උත්පාදන ක්‍රියාවලිය තුළ පුරාවිද්‍යාවේ දායකත්වය පැහැදිලි කළ හැකි වේ
- පුරාවිද්‍යා දැනුම තුළින් ගොඩනැඟෙන සමාජ කථිකාව හා සම්බන්ධ විය හැකි වේ
පාඨමාලා අන්තර්ගතය :
අංකය | මාතෘකාව | කාලය පැය | දේශකවරයා |
---|---|---|---|
1 | හැඳින්වීම : පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, පාඨමාලාවේ අරමුණු අධ්‍යයන ඵල, අන්තර්ගතය හා ව්‍යුහය ඇතුළු පාඨමාලාව සම්බන්ධ විස්තර හඳුන්වා දීම, සහභාගීවන්නන් හඳුනා ගැනීම | 1 | IAHS කණ්ඩායම හා සම්පත් දායකයින් |
2 | පුරාවිද්‍යාව හඳුනා ගනිමු : අර්ථ දැක්වීම්, විෂය ස්වභාවය, මූලාශ්‍රය, අධ්‍යයන ක්‍රියාවලිය, ඉතිහාසය හා පුරාවිද්‍යාව, පුරාවිද්‍යාව හා අනෙකුත් සමගාමි විෂයයන් අතර ඇති සම්බන්ධතාව, සම්භාව්‍ය හා නව පුරාවිද්‍යාව, න්‍යායාත්මක පුරාවිද්‍යාව, ප්‍රායෝගික පුරාවිද්‍යාව ඇතුළු තවත් උප මාතෘකා) | 2 | චන්දිම අඹන්වල |
3 | ලෝක පූරාවිද්‍යාවේ ආරම්භය හා විකාශය : ගෝලීය වශයෙන් පුරාවිද්‍යා විෂය ආරම්භ වීමේ පසුබිම, පුරාවිද්‍යා විෂයේ බිහිවීම හා විකාශය, ලෝක පුරාවිද්‍යාවේ වැදගත් පුද්ගලයින්, වර්තමාන ප්‍රවනතා හා ස්වභාවය | 2 | ආචාර්ය ඉශංඛ මල්සිරි |
4 | මිනිස් අතීතයේ යුග බෙදීම : දීර්ඝ මානව අතීතය අධ්‍යයනය කිරීම සඳහා සිදුකර ඇති විවිධ යුග බෙදීම් හෙවත් කාල පරිච්ඡේදකරණ | 2 | නදීර හර්ෂජිත් දිසානායක |
5 | ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සම්බන්ධ ආයතන පද්ධතිය හා නෛතික තත්ත්වය : ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සඳහා ඍජුව මැදිහත් වන ආයතන හා පුරාකෘති සම්බන්ධ ව ක්‍රියාකිරීමේ දි පවතිව නිතිමය පසුබිම | 2 | මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල |
6 | පුරාවිද්‍යා ගවේෂණය : පුරාවිද්‍යා ගවේෂණය අර්ථ දැක්වීම, ගවේෂණ ක්‍රමයන්හි අරමුණු, විවිධ ගවේෂණ ක්‍රම, එක් එක් ගවේෂණ ක්‍රමයන් හි ලක්‍ෂණ හා සීමා, ගවේෂණයේ දත්ත වාර්තා කිරීම | 2 | ඉන්දික රුවන් ජයසේකර |
7 | පුරාවිද්‍යා කැනීම : පුරාවිද්‍යා කැනීම අර්ථ දැක්වීම, පුරාවිද්‍යා කැනීමේ අතීතය, විවිධ කැනීම් වර්ග, කැනීමේ අරමුණු, කැනීම් සඳහා සූදානම, පස් ඉවත් කිරීමේ විධික්‍රම, දත්ත වාර්තා කිරීම | 2 | චන්දිම අඹන්වල |
8 | පුරාවිද්‍යා කාලනීර්ණය : පුරාවිද්‍යා කාලනීර්ණය අර්ථදැක්වීම, කාලනීර්ණයේ අවශ්‍යතාව, කාලනීර්ණ ක්‍රම : සාපේක්ෂ හා නිරපේක්ෂ, කාලනීර්ණ සඳහා නියැදි ලබාගැනීම | 2 | නදීර හර්ෂජිත් දිසානායක |
9 | පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර, ඒවායේ ස්වභාවය හා හඳුනා ගැනීම : විවිධ වර්ගයේ පුරාකෘති, පුරාකෘති විසිරී පවතින ස්ථාන හා ස්වභාව, පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර හඳුනා ගැනීම | 2 | නදීර හර්ෂජිත් දිසානායක |
10 | පුරාවිද්‍යා ඡායාරූපකරණය : දත්ත වාර්තාකරණ ක්‍රමවේදයක් හා දත්ත ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් ඡායාරූප ශිල්පය හා එහි ශිල්පීය ක්‍රමවේද භාවිතය | 2 | උදිත ගයාෂාන් ගුණසේකර |
11 | දියයට පුරාවිද්‍යාව : ජලාශ්‍රිත හා ජලය යට පුරාවිද්‍යාව හඳුන්වා දීම, දියයට පුරාවිද්‍යාවේ මූලිකාංග, ක්‍රමවේද, උපකරණ හා මෙවළම්, හැකියාවන් හා සීමාකම්, ශ්‍රී ලංකාවේ දියයට පුරාවිද්‍යා කටයුතු වල නියැලෙන ආයතන හා ක්‍රියාකාරකම් | 2 | රසික මුතුකුමාරණ |
12 | පුරාවිද්‍යාව හා අංකිත තාක්‍ෂණය : පුරාවිද්‍යා කටයුතු (දත්ත හඳුනාගැනීම, වාර්තාකරණය, විශ්ලේෂණ හා ඉදිරිපත් කිරීම) සඳහා නොමිලේ ලබාගත හැකි මෘදුකාංග, මෙවළම් හා උපකරණ, පුරාවිද්‍යා කටයුතු සඳහා ඒවා යොදාගැනීම | 2 | අනුරාධ පියදාස |
13 | වාස්තුවිද්‍යා සංරක්‍ෂණය : පෞරාණික වාස්තු නිර්මාණ සංරක්‍ෂණය පිළිබඳ අර්ථදැක්වීම්, වාස්තු සංරක්‍ෂණ ක්‍රියාවලියේ ආරම්භය හා විකාශය, වාස්තු නිර්මාණයන් හා සම්බන්ධ උරුම අගයයන්, මැදිහත්වීම් මට්ටම්, සංරක්‍ෂණ ක්‍රියාවලිය, වාස්තු සංරක්‍ෂණය පිළිබඳ නූතන කථිකාව | 2 | ප්‍රසන්න බී. රත්නායක |
14 | සංස්කෘතික සංචරණය : සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සංචරණය, සංස්කෘතික සංචරණයේ වර්තමාන තත්ත්වය හා ස්වභාවය, සංස්කෘතික සංචරණයේ මූලිකාංග, සංස්කෘතික සංචරණය හා සම්බන්ධ ආර්ථික උත්පාදන අවස්ථා | 2 | අනුපමා දමුණුපොල |
15 | පුරාවිද්‍යාව, නව ප්‍රවණතා හා සමාජය : පුරාවිද්‍යාව සඳහා සමාජ සංවේදිතාව, අධි අර්ථකතන, ව්‍යාජ හා මිත්‍යා අර්ථකථන, පුරාවිද්‍යාවේ සමාජ භාවිතය හා බලපෑම, පුරාවිද්‍යාව හා දේශපාලනය, පුරාවිද්‍යාව හා සමාජ ගතිකතාව, ගෝලීය ප්‍රවනතා | 2 | නදීර හර්ෂජිත් දිසානායක |
16 | පොදු සාකච්ඡාව : දේශන පිළිබඳ පොදු සාකච්ඡාව, අදහස් හා යෝජනා, පාඨමාලාව අවසන් කිරීම | 1 | සම්පත් දායකයින් හා IAHS කණ්ඩායම |
දේශන පැවැත්වෙන ආකාරය :
මාර්ගගත දේශන කාලය පැය 30කි.
මෙම ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ සඳහා Microsoft Teams මෘදුකාංගය භාවිතා කරනු ඇත. දේශන සඳුදා හා බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් සම්බන්ධීකාරක හරහා අදාළ දේශකවරයාට යොමු කළ හැක. මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.
ප්‍රායෝගික :
සහභාගි වන විද්‍යාර්ථින්ගේ රුචිකත්වය මත අනුරාධපුර / පොළොන්නරු ඓතිහාසික ප්‍රදේශ අළලා ක්‍ෂේත්‍ර සංචාරය. (ඒ සඳහා වැය වන මුදල මෙම පාඨමාලා ගාස්තුවට අන්තර්ගත නොවන බව කාරුණිකව සලකන්න.)
පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :
මෙම පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචි පදනම (first come first serve) මත සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බව කාරුණික ව සලකන්න.
මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 10,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2024 ජනවාරි 28 දින සිට 2024 පෙබරවාරි 16 වැනිදා දක්වා වේ. 2024 පෙබරවාරි 19 වැනිදා වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.
2024 පෙබරවාරි 19 වැනිදා වන දින පාඨමාලාව ආරම්භ වේ.
ශිෂ්‍ය ඇඟයීම :
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දී දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ සැලකිලිමත් වේ (දේශන සඳහා සහභාගීත්වය අවම වශයෙන් සියයට 70ක් විය යුතු වේ).