වැදගත් කරුණු
හැඳින්වීම
පුරාවිද්‍යා ක්ෂේත්රයේ වැදගත් සංදිස්ථානයක් වන කෞතුකාගාර, මානව වර්ගයා සහ පරිසරය පිළිබඳ මූලික පැහැදිලි සාක්ෂි සංරක්ෂණය හා අර්ථ නිරූපණය කිරීම සඳහා කැප වූ ආයතනයකි. අතීතයේ කෞතුකාගාර යන්න පැරණි භාණ්ඩ එකතුන් රැසක් එක්රැස් කොට තිබෙන ස්ථානයක් වුවත් වර්තමානය වන විට කෞතුකාගාර සමාජ ක්‍රියාවලිය හා බද්ධ වී ක්‍රියාකරන ඉතා වැදගත් ආයතනයක් බවට පත් වී ඇත. අද කෞතුකාගාර ඒ ඒ රටවල සංස්කෘතික අධ්‍යාපනික හා විද්‍යාත්මක සංවර්ධනයට ද විනෝදාස්වාදය සඳහා ද පවත්වා ගෙන යනු ලබයි. මේ අනුව ඒ හා බැඳුණු විශාල කාර්යභාරයක් කෞතුකාගාර මගින් සිදුවේ. කෞතුකාගාර විද්‍යාව තුළින් ප්‍රධාන වශයෙන් කෞතුකාගාර භාවිතයන් පිළිබඳ න්‍යායාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙන අතර කෞතුකාගාර හා සමාජය අතර තිබිය යුතු සම්බන්ධය ශක්තිමත් කිරීමට වෑයම් කරයි.
පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් ආරම්භ කරන ‘කෞතුකාගාර විද්‍යාව’ පාඨමාලාව කෞතුකාගාරය නම් ආයතනය හා එහි කාර්යභාරය පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනා හට වටිනා අවස්ථාවක් වේ. මෙම පාඨමාලාව තුළින් කෞතුකාගාර ලෝකයට පුළුල්, න්‍යාය පදනම් කරගත් හැඳින්වීමක් සැපයීම අරමුණු කරගන්නා අතර දේශන තුළින් සිසුන්ට කෞතුකාගාර සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මුහුණ දෙන අභියෝග සහ වගකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. කෞතුකාගාරයක් යනු කුමක්ද, විවිධ වර්ගයේ කෞතුකාගාර සහ ප්‍රජාව තුළ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පාලනය, කළමනාකරණය, ප්‍රදර්ශන සහ කෞතුකාගාර රැකියා සහ වගකීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කෞතුකාගාරවල වර්තමාන හා මතුවෙමින් පවතින ගැටළු මෙහිදී සාකච්ඡා කෙරේ. කෞතුකාගාර නැරඹීමෙන් සිසුන්ට ක්ෂේත්රයේ ප්‍රායෝගික ක්ෂේත්රය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි අතර කෞතුකාගාර න්‍යායට වර්තමාන උදාහරණ ලබා දෙනු ඇත.
කෞතුකාගාර ක්ෂේත්රයේ වසර ගණනාවක් පළපුරුද්ද හිමි එමෙන්ම කෞතුකාගාර විද්‍යාව විෂයෙහි දැනුම හිමි දේශක මඩුල්ලක් විසින් පවත්වන මෙම පාඨමාලාව, මෙරට කෞතුකාගාර පිළිබද අධ්‍යනයට ඇති අඩුපාඩුව මකා දැමීමට උත්සාහ දරයි.
පටුන
- වැදගත් කරුණු
- හැඳින්වීම
- පටුන
- පාඨමාලාවේ සම්පත් දායකයින් :
- කෞතුකාගාර විද්‍යාව සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
- පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :
- පාඨමාලාවේ අරමුණු :
- ඉලක්කගත කණ්ඩායම් :
- අධ්‍යයන ඵල :
- පාඨමාලා අන්තර්ගතය
- දේශන පැවැත්වෙන ආකාරය :
- ප්‍රායෝගික :
- පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :
- ශිෂ්‍ය ඇඟයීම :
- සම්පත් දායකයින් :
- අයදුම්පත
- පාඨමාලා කළමනාකරණය :
- පාඨමාලා සම්බන්ධීකරණය
පාඨමාලාවේ සම්පත් දායකයින් :
ඉන්දිය අර්ධද්වීපක කලාපයේ විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ කෞතුකාගාර විද්‍යාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් හා පරිචයක් ලබා දීම අරමුණු කරමින් මාර්ගගත ආකාරයන් පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. වසර දශකයකට වැඩි කාලයක් තුළ මාර්ගගත ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව ජනගත කිරීමේ ප්රමුඛ ආයතනය වන archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය [Institute of Archaeology and Heritage Studies (IAHS)] විසින් මෙම පාඨමාලාව සම්බන්ධිකරණය කොට ඉදිරිපත් කරනු ලැබේ. ජාතික හා ජාත්‍යන්තර ඇඟයීම්වලට පාත්‍ර වී ඇති මෙම ආයතනය මේ වන විට පුරාවිද්‍යාව මෙන්ම තදාශ්රිත දැනුම මාර්ගගත ආකාරයෙන් බෙදාහරින දිවයිනේ ප්රමුඛ ආයතනය වේ.
ශ්‍රී ලංකාවේ කෞතුකාගාර විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පරේෂකයන් හා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ කෞතුකාගාර විද්‍යාව පිළිබඳ ඉගැන්වීම පිළිබඳ පරිචයක් සහිත ඒ විෂය පරාසය පිළිබඳ පර්යේෂණාත්මක නැඹුරුවක් සහිත ශාස්ත්රාලීය විද්වතුන් විසින් මෙම කෞතුකාගාර විද්‍යාව පාඨමාලාවේ සම්පත් දායකත්වය දරනු ලැබේ. මෙම සම්පත් දායකයින් වසර ගණනාවත් තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රම මෙන් ම ජනමාධ්‍යය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට විධිමත් පුරාවිද්‍යා දැනුම සාමාජගත කිරීමේ කාර්යයේ දී ප්රමුඛ කාරයභාරයක් සිදුකළ විද්වතුන් වීම ද විශේෂත්වයකි.
කෞතුකාගාර විද්‍යාව සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
- අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ.
- විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය.
- විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල.
- පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව.
- දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම.
- සුහදශීලි හා ක්ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම.
- විවිධ ක්ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්.
- පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය.
- සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම.
- මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම
පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකමක් / සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. මාර්ගගත පාඨමාලා ව සමඟ සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව පිළිබඳ උනන්දු හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් පැවතීම මෙම විෂය මැනවින් ග්‍රහණය කරගැනීම සඳහා හේතු වනු ඇත.
පාඨමාලාවේ අරමුණු :
- කෞතුකාගාරය නම් ආයතනය පිළිබද මූලික අවබෝධයක් ලබා දීම.
- කෞතුක විද්‍යාව හා කෞතුකාගාර ආචාරධර්ම පිළිබඳ මූලික න්‍යායන් භාවිතා කරමින් විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් ලබා දීම.
- කෞතුකාගාරවල සංවර්ධනය හා කාර්යයන් පිළිබඳ දැනුමක් දීම.
- කෞතුකාගාර හා සමාජය අතර ඇති සැබැදියාව ශක්තිමත් කිරීම.
ඉලක්කගත කණ්ඩායම් :
මාර්ගගත ආකාරයෙන් සතියකට දින දෙක බැගින් වූ සති 8ක කාලයක පවත්වනු ලබන මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීමේ දී විශේෂයෙන් පහත දැක්වෙන ඉලක්කගත කණ්ඩායම් අරමුණුකර ඇත.
- බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරනු ලබන විද්‍යාර්ථීන්,
- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සමගාමි වෙනත් ආයතනයන්ගේ සේවය කරනු ලබන පුරාවිද්‍යා උපාධිධාරින් නොවන කාර්ය මණ්ඩල සාමාජිකයින්,
- විනෝදාස්වාදය සහ වෘත්තීමය වශයෙන් කෞතුකාගාර කටයුතුවල නියැලෙන හා උනන්දුවක් දක්වන්නන්,
- පාසල් තුළ ඉතිහාසය විෂය උගන්වනු ලබන ගුරුභවතුන්,
- අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය ඉගෙන ගන්නා සිසුන්,
- විශ්වවිද්‍යාලයන්හි දී පුරාවිද්යාවව හැදෑරීම සඳහා අපේක්ෂිත විද්‍යාර්ථීන්,
- විශ්වවිද්‍යාලීය මට්ටමෙන් පුරාවිද්‍යා උපාධිය නොහැදෑරූ නමුත් පශ්චාත් උපාධි මට්ටමින් කෞතුකාගාර විද්‍යාව හදෑරීමට අපේක්ෂිත විද්‍යාර්ථීන්,
- කෞතුකාගාර විද්‍යාවපිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු එහෙත් එම විෂය පිළිබඳ උනන්දු හා රුචිකත්වයක් දක්වනු ලබන සියලුම පුරවැසියන්.
පාඨමාලා අන්තර්ගතය
අංකය | මාතෘකාව | කාලය පැය | දේශකවරයා | දිනය |
1 | කෞතුකාගාර විද්‍යාව පාඨමාලාව හඳුන්වා දීම (පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, පාඨමාලාවේඅරමුණු, අන්තර්ගතය හා ව්‍යුහය) | පැය 1.30 | පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඬුල්ල | 2025 ජනවාරි 28 |
2 | කෞතුකාගාර විද්‍යාව පිළිබඳ හැඳින්වීම (I)
(කෞතුකාගාරය හඳුන්වාදීම, එහි කාර්යභාරය හා කෞතුකාගාර වර්ග, කෞතුකාගාර දර්ශනය සහ ඒවායේ බහුකාර්ය ස්වභාවය සහ අරමුණු විමසා බැලීම.) |
පැය 2 | සංජීවනී විද්‍යාරත්න | 2025 ජනවාරි 31 |
3 | කෞතුකාගාර විද්‍යාව පිළිබඳ හැඳින්වීම (II)
(කෞතුකාගාරය හඳුන්වාදීම, එහි කාර්යභාරය හා කෞතුකාගාර වර්ග,කෞතුකාගාර දර්ශනය සහ ඒවායේ බහුකාර්ය ස්වභාවය සහ අරමුණු විමසා බැලීම.) |
පැය 2 | සංජීවනී විද්‍යාරත්න | 2025 පෙබරවාරි 4 |
4 | එක්රැස් කිරීම සහ භාරකාරත්වය (I)
(වර්තමාන න්‍යායන්, ක්‍රමවේදයන් සහ එක්රැස්කිරීමේ තාක්ෂණයන් විමර්ශනය කෙරේ.) |
පැය 2 | සදුන් කුඩලිගම | 2025 පෙබරවාරි 7 |
5 | එක්රැස් කිරීම සහ භාරකාරත්වය (II)
(වර්තමාන න්‍යායන්, ක්‍රමවේදයන් සහ එක්රැස්කිරීමේ තාක්ෂණයන් විමර්ශනය කෙරේ.) |
පැය 2 | සදුන් කුඩලිගම | 2025 පෙබරවාරි 11 |
6 | කෞතුකාගාරවල ලේඛනගත කිරීම (I)
(කෞතුකාගාර ලේඛනයේ ස්ථාපිත ජාත්‍යන්තර සම්මතයන් සහ භාවිතයන් පිළිබඳ න්‍යායාත්මක දැනුමක් ලබා දෙන අතර, මෙහිදී කෞතුකාගාර එකතු කිරීමේ අදාළ වස්තු හා සම්බන්ධ තොරතුරු පටිගත කිරීම, ව්‍යුහගත කිරීම, නඩත්තු කිරීම සහ ලබා ගැනීම ඇතුළත් වේ.) |
පැය 2 | සදුන් කුඩලිගම | 2025 පෙබරවාරි 14 |
7 | කෞතුකාගාරවල ලේඛනගත කිරීම (II)
(කෞතුකාගාර ලේඛනයේ ස්ථාපිත ජාත්‍යන්තර සම්මතයන් සහ භාවිතයන් පිළිබඳ න්‍යායාත්ම දැනුමක් ලබා දෙන අතර, මෙහිදී කෞතුකාගාර එකතු කිරීමේ අදාළ වස්තු හා සම්බන්ධ තොරතුරු පටිගත කිරීම, ව්‍යුහගත කිරීම, නඩත්තු කිරීම සහ ලබා ගැනීම ඇතුළත් වේ.) |
පැය 2 | සංජීවනී විද්‍යාරත්න | 2025 පෙබරවාරි 18 |
8 | කෞතුකාගාර අධ්‍යාපනය
(කෞතුකාගාර සහ අධ්‍යාපනය අතර සහසම්බන්ධය පැහැදිලි කිරීම සඳහා ව්‍යුහගත කර ඇත. කෞතුකාගාර අධ්‍යාපනයේ අර්ථය හා අර්ථ දැක්වීම මෙන්ම ක්ෂේත්රයේ සිදු කරන ලද කාර්යයන්හි ඉතිහාසය ද ඇතුළත් වන වේ.) |
පැය 2 | සංජීවනී විද්‍යාරත්න | 2025 පෙබරවාරි 21 |
9 | කෞතුකාගාර ප්‍රදර්ශනය (I)
(ස්ථිර ප්‍රදර්ශනය / තාවකාලික ප්‍රදර්ශනය / ජංගම ප්‍රදර්ශනය ආදිය සංකල්පීය අවධියේ සිට අවසාන ක්‍රියාත්මක කිරීම දක්වා වූ සියලු තොරතුරු ඇතුළත් කෞතුකාගාර ප්‍රදර්ශනයේ මූලධර්ම පැහැදිලි කිරීමට අදහස් කෙරේ. කෞතුකාගාර ප්‍රදර්ශනයේ තොරතුරු සැලසුම් කිරීම සහ ආලෝකකරණය පිළිබඳ විවිධ අංශ පිළිබදව අවධානය යොමු කරයි.) |
පැය 2 | සදුන් කුඩලිගම | 2025 පෙබරවාරි 25 |
10 | කෞතුකාගාර ප්‍රදර්ශනය (II)
(ස්ථිර ප්‍රදර්ශනය / තාවකාලික ප්‍රදර්ශනය / ජංගම ප්‍රදර්ශනය ආදිය සංකල්පීය අවධියේ සිට අවසාන ක්‍රියාත්මක කිරීම දක්වා වූ සියලු තොරතුරු ඇතුළත් කෞතුකාගාර ප්‍රදර්ශනයේ මූලධර්ම පැහැදිලි කිරීමට අදහස් කෙරේ. කෞතුකාගාර ප්‍රදර්ශනයේ තොරතුරු සැලසුම් කිරීම සහ ආලෝකකරණය පිළිබඳ විවිධ අංශ පිළිබදව අවධානය යොමු කරයි.) |
පැය 2 | සංජීවනී විද්‍යාරත්න | 2025 පෙබරවාරි 28 |
11 | කෞතුකාගාර කළමනාකරණය සහ පරිපාලනය /
කෞතුකාගාර අලෙවිකරණය සහ මහජන සම්බන්ධතා (කෞතුකාගාරවල කළමනාකරණයේ මූලධර්ම හා උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට අදහස් කෙරේ. එක්රැස් කිරීමේ කළමනාකරණය, පරිපාලන රාමුව, ආචාර ධර්ම පද්ධතිය, ප්‍රදර්ශන කළමනාකරණය, නරඹන්නන්ගේ කළමනාකරණය සහ ප්‍රතිපත්ති සංවර්ධනය වැනි අංශ මෙහි ආවරණය කරයි. කෞතුකාගාරවල සන්දර්භය තුළ අලෙවිකරණ හා මහජන සම්බන්ධතා වල විෂය පථය සහ අදාළතාවය පැහැදිලි කිරීම අරමුණු කර ගෙන ඇත. කෞතුකාගාරය සැකසීමේදී මහජන සම්බන්ධතාවයේ ස්වභාවය, ඇගයීම් තක්සේරු කිරීම සහ වැඩිදියුණු කිරීම, කෞතුකාගාර මහජන සේවා සහ ප්‍රවේශ්‍යතාව,කෞතුකාගාරය සංස්කෘතික වෙළඳ නාම ලෙස අවබෝධ කර ගැනීම පිලිබදව ආවරණය කෙරේ.) |
පැය 2 | සංජීවනී විද්‍යාරත්න | 2025 මාර්තු 4 |
12 | කෞතුකාගාර ගෘහ නිර්මාණ ශිල්පය
(කෞතුකාගාර ගෘහ නිර්මාණ ශිල්පයේ තේමාව, සැලසුම් කිරීම, ක්‍රියාවලිය සහ ප්‍රවේශය, තාක්ෂණික අවශ්‍යතා, ඉදිකිරීම්, අනුවර්තනය හා නඩත්තුව.) |
පැය 2 | සදුන් කුඩලිගම | 2025 මාර්තු 7 |
13 | සංරක්ෂණය, හැසිරවීම සහ ගබඩා කිරීම (I)
(කෞතුකාගාරවල සංරක්ෂණයේ කාර්යභාරය සහ වැදගත්කම පැහැදිලි කරනු ඇත. පිරිහීමේ සාධක, සංරක්ෂණයේ ලේඛනවල කාර්යභාරය, වැළැක්වීමේ පියවර, කෞතුකාගාර වස්තු හැසිරවීම, ප්‍රවාහනය සහ ඇසුරුම් කිරීම සහ කෞතුකාගාර ගබඩා කිරීම වැනි මාතෘකා පැහැදිලි කරයි.) |
පැය 2 | සදුන් කුඩලිගම | 2025 මාර්තු 11 |
14 | සංරක්ෂණය, හැසිරවීම සහ ගබඩා කිරීම (II)
(කෞතුකාගාරවල සංරක්ෂණයේ කාර්යභාරය සහ වැදගත්කම පැහැදිලි කරනු ඇත. පිරිහීමේ සාධක, සංරක්ෂණයේ ලේඛනවල කාර්යභාරය, වැළැක්වීමේ පියවර, කෞතුකාගාර වස්තු හැසිරවීම, ප්‍රවාහනය සහ ඇසුරුම් කිරීම සහ කෞතුකාගාර ගබඩා කිරීම වැනි මාතෘකා පැහැදිලි කරයි.) |
පැය 2 | සංජීවනී විද්‍යාරත්න | 2025 මාර්තු 14 |
15 | Eco Museum සහ නව කෞතුකාගාර විද්‍යාවෙහි න්‍යායන්
(සාම්ප්‍රදායික කෞතුකාගාරවලට වඩා වෙනස්ව පරිසර කෞතුකාගාර සංකල්පය හඳුන්වා දීම පාරිසරික කෞතුකාගාරවල විෂය පථය අවබෝධ කර ගැනීම, ප්‍රජා සහභාගීත්වය, සුභසාධනය සහ උරුමය ප්‍රවර්ධනය හා සංරක්ෂණය කිරීමේදී ප්රජාවන්ගේ කාර්යභාරය අවබෝධ කර ගැනීම. නව කෞතුකාගාර විද්‍යාවේ තේමාව ලෙස කෞතුකාගාර ක්ෂේත්රයේ සිදුවන නව වර්ධනයන් ගවේෂණය කිරීම, නව කෞතුකාගාරයේ විෂය පථය හා න්‍යායන් සාකච්ඡා කිරීම.) |
පැය 2 | සදුන් කුඩලිගම | 2025 මාර්තු 18 |
16 | කෞතුකාගාර ආරක්ෂාව සහ ආපදා කළමනාකරණය
(කෞතුකාගාර තුළ ක්‍රියාත්මක වන ආරක්ෂක විධි විධාන හා ආපදා අවස්ථාවකදී කෞතුකාගාර විසින් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව අවධානය යොමු කෙරේ.) |
පැය 2 | සංජීවනී විද්‍යාරත්න | 2025 මාර්තු 21 |
17 | පොදු සාකච්ඡාව
(දේශන පිළිබඳ පොදු සාකච්ඡාව, අදහස් හා යෝජනා, පාඨමාලාව අවසන් කිරීම.) |
පැය 2 | පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඬුල්ල | 2025 මාර්තු 25 |
දේශන පැවැත්වෙන ආකාරය :
මාර්ගගත දේශන කාලය පැය 20කි.
මෙම පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ සඳහා ZOOM මෘදුකාංගය භාවිතා කරනු ඇත. මෙම දේශන අගහරුවාදා හා සිකුරාදා රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් කරුණාකර අප හට යොමු කරන්න. අප එම දේශනය පැවැත්වූ දේශකයාගෙන් එම ප්රශ්නය සඳහා පිළිතුරු ලබාගෙන ඔබ වෙත දැනුම් දෙනු ඇත.
මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.
ප්‍රායෝගික :
පාඨමාලාවට අදාල ප්‍රායෝගික පුහුණුව දේශන අවසානයේ පැවැත්වීමට සැලසුම් කර ඇත. දේශන සඳහා සහභාගිවන විද්‍යාර්ථීන්ගේ සූදානම සහ අවශ්‍යතාවය අනුව වැඩමුළුව සැලසුම් කරනු ලැබේ. බොහෝවිට කෞතුකාගාර විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ ක්ෂේත්‍ර චාරිකාවක් මේ සඳහා සැලසුම් කරනු ලැබේ.
මේ සඳහා පාඨමාලා ගාස්තුවට අමතරව ගෙවීමක් කිරීමට සිදු වේ.
පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :
මෙම පාඨමාලාවේ දී දේශකයාගේ අවධානය සිසුන් වෙනුවෙන් වැඩිපුර යෙදවීමට සිදු වන බැවින් සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ.
මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 20,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2024 දෙසැම්බර් 28 සිට 2025 ජනවාරි 20 වැනිදා දක්වා වේ. 2025 ජනවාරි 25 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.
2025 ජනවාරි 28 වන දින පාඨමාලාව ආරම්භ වේ.
ශිෂ්‍ය ඇඟයීම :
මෙම කෞතුකාගාර විද්‍යාව පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දි දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ හා සක්‍රීය දායත්වය සැලකිලිමත් වනු ඇත.