වැදගත් කරුණු

හැඳින්වීම

පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය යටතේම වර්ධනය වු තවත් එක් නවීන අනු විෂයක් ලෙස ජලාශ්‍රිත පුරාවිද්‍යාව සැළකිය හැක. ගිළුණු නෞකා ගවේෂණය කර ඒ පිළිබඳ අධ්‍යයනය කරන විෂය ක්ෂේත්‍රයක් ලෙසද මහජනතාව අතර ජනප්‍රිය මතයක් මේ පිළිබඳව ගොඩනැගී ඇත. එකිනෙකට වෙනස් භෞතික ස්වභාවය හේතුවෙන්ම, එනම් මුහුදු පත්ලේ හෝ ජලයෙන් යට සිදුකරනු ලබන පර්‍යේෂණ සහ ක්ෂේත්‍ර කටයුතු හේතුවෙන් ජලාශ්‍රිත පුරාවිද්‍යාව නෛතික විෂයයක් ලෙස වෙනම වර්ධනය වූ ආකාරයක්ද දක්නට ලැබේ. ජලාශ්‍රිත පුරාවිද්‍යාව වූ කලී ශක්තිමත් න්‍යායාත්මක පදනමක් සකසා ගනිමින්, විධිමත් ක්‍රමවේද පද්ධතියක් හරහා නවීන තාක්ෂණයද උපයෝගී කර ගනිමින් වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වූ ජලය/සාගරය සමඟ සම්බන්ධවූ මානව අතීතය පිළිබඳ අධ්‍යනය කරන විෂය ක්ෂේත්‍රයකි.

ජාත්‍යන්තර වශයෙන් ද ආකර්ශනීය විෂය ක්ෂේත්‍රයක් වන ජලාශ්‍රිත පුරාවිදයාව, දියයට පුරාවිද්‍යාව, සමුද්‍ර පුරාවිද්‍යාව සහ නාවුක පුරාවිද්‍යාව වැනි විවිධ නම්වලින් හඳුන්වන ප්‍රවනතාවයක්ද ඇත. අන්තර් හා බහු විෂයයන් ගණනාවක් සමඟ සබඳතා ගොඩනඟා ගනිමින්, ඒ සමග බැඳුනු කුතුහලය සහ ත්‍රාසජනක බව නිසාම නිරන්තර මහජන අවධානයට පාත්‍රවන්නා වූ විෂයකි. නමුත් විවිධ සීමාවන් හා ප්‍රායෝගික ගැටළු මත තවමත් මෙම ආකර්ශනීය විෂය ඉගැන්වීම සහ ක්ෂේත්‍ර කටයුතුවල නියැලීම රජයේ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයන්ට පමණක් සීමාවී ඇත. මේ නිසා ජලාශ්‍රිත පුරාවිද්‍යා විෂය පිළිබඳ කැමැත්තෙන් පසුවන අතිමහත් බහුතරයකට මේ විෂය සමග විධිමත් ආකාරයෙන් අත්වැල් බැඳ ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. එවන් පසුබිමක් තුළ, ජලාශ්‍රිත පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වය දක්වන, එමෙන්ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති සිිංහල භාෂක සමාජයේ සාමාජිකයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.

ජලාශ්‍රිත පුරාවිද්‍යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් පැය 20ක දේශන කාලයක් ද පැය 10/ දිනක/දින 02ක ප්‍රායෝගික වැඩසටහනක් ද සමගින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. සතියේ දින දෙකකදී රාත්‍රී කාලයේ පැය දෙක බැගින් වූ දේශන සැසි 10කින් මෙම පාඨමාලාව සමන්විත වන අතර අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ දිගු කාලීන අත්දැකීම සහිත විශ්වවිද්‍යාලීය කථිකාචාර්යවරු ඇතුළුව ජලාශ්‍රිත පුරාවිදයා විෂය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් සහිත විද්වතුන් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත. පාඨමාලාව අතරතුර හෝ දේශන අවසානයේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව සම්බන්ධව ප්‍රයෝගික අත්දැකීම් සහිත ක්ෂේත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

පාඨමාලාවේ සම්පත් දායකයින් :

ඉන්දිය අර්ධද්වීපක කලාපයේ විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් හා පරිචයක් ලබා දීම අරමුණු කරමින් මාර්ගගත ආකාරයන් පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ. වසර දශකයකට වැඩි කාලයක් තුළ මාර්ගගත ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව ජනගත කිරීමේ ප්‍රමුඛ ආයතනය වන archaeology.lk ජාලයේ ශාස්ත්‍රීය කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය [Institute of Archaeology and Heritage Studies (IAHS)] විසින් මෙම පාඨමාලාව සම්බන්ධිකරණය කොට ඉදිරිපත් කරනු ලැබේ. ජාතික හා ජාත්‍යන්තර ඇඟයීම්වලට පාත්‍ර වී ඇති මෙම ආයතනය මේ වන විට පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත දැනුම මාර්ගගත ආකාරයෙන් බෙදාහරින දිවයිනේ ප්‍රමුඛ ආයතනය වේ.

ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පරේෂකයන් හා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ ජලාශ්‍රිත පුරාවිද්‍යාව පිළිබඳ ඉගැන්වීම පිළිබඳ පරිචයක් සහිත ඒ විෂය පරාසය පිළිබඳ පර්යේෂණාත්මක නැඹුරුවක් සහිත ශාස්ත්‍රාලීය විද්වතුන් විසින් මෙම ජලාශ්‍රිත පුරාවිද්‍යාව පාඨමාලාවේ සම්පත් දායකත්වය දරනු ලැබේ. මෙම සම්පත් දායකයින් වසර ගණනාවත් තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රම මෙන් ම ජනමාධ්‍යය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට විධිමත් පුරාවිද්‍යා දැනුම සාමාජගත කිරීමේ කාර්යයේ දී ප්‍රමුඛ කාරයභාරයක් සිදුකළ විද්වතුන් වීම ද විශේෂත්වයකි.

පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධයෙන් ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

  • අරමුණු සපුරාගත හැකි ඉලක්කගත විෂය නිර්දේශ
  • විධිමත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
  • විශිෂ්ඨ සම්පත් දායක මඩුල්ල
  • පාඨමාලා සංවිධාන ව්‍යුහයේ හා ඉදිරිපත් කිරීමේ විධිමත් බව
  • දේශන හා අනෙකුත් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ කටයුතු වල පවතින නියමිත වේලාවට වැඩකටයුතු සිදුකිරීම
  • සුහදශීලි හා ක්‍ෂණික සම්බන්ධිකරණ ප්‍රතිචාර හා පසුවිපරම
  • විවිධ ක්‍ෂේත්‍ර හා විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ආදි සිසුන්
  • පුරාවිද්‍යාව, ඉතිහාසය හා උරුම අධ්‍යයනය සම්බන්ධ මාර්ගත මාඨමාලා පිළිබඳ පුරෝගාමී ආයතනය
  • සමාන්තර තරඟකාරී ආයතනයක් නොවී ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමී ආයතනය වීම
  • මුල් පාඨමාලාවෙන් පසු අනෙකුත් පාඨමාලා සඳහා ආකර්ශනීය සහන හිමි වීම

පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :

මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකමක් / සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. මාර්ගගත පාඨමාලා ව සමඟ සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යාව පිළිබඳ උනන්දු හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් පැවතීම මෙම විෂය මැනවින් ග්‍රහණය කරගැනීම සඳහා හේතු වනු ඇත.

පාඨමාලාවේ අරමුණු :

මෙම මාර්ගගත  (කෙටිකාලීන) පාඨමාලාව තුළින් පහත අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

  • ජලාශ්‍රිත පුරාවිද්‍යාට අයත් විෂය පරාසය පිළිබඳ සහ එම විෂය සම්බන්ධයෙන් පවතින අර්ථකථන පිළිබඳ අවබෝධයක් ලබා දීම.
  • ජලාශ්‍රිත පුරාවිද්‍යාව නම් විෂය ක්‍රමවත්ව වර්ධනය වූ ආකාරය හඳුන්වාදීම.
  • ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ, කැණීම් සහ සංරක්ෂණ ක්‍රම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණ සහ නව සොයා ගැනීම් පිළිබඳ හඳුන්වාදීම.
  • දියයට ඡායාරූපකරණය සහ ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණ සඳහා දෘශ්‍යකරණ තාක්ෂණයේ අවශ්‍යතාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
  • ශ්‍රී ලංකාව වටා ගිලුණු නැව් ආශ්‍රිත දත්ත කළමණාකරණය සහ එම දත්ත ආර්ථික, සංචාරක සහ පර්‍යේෂණ ප්‍රවර්ධයන සඳහා යොදා ගැනීම පිළිබඳව හඳුන්වා දීම.
  • අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්වී ඇති ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්‍යේෂණ ව්‍යාපෘති පිළිබඳ දැනුවත් වීම.
  • අධ්‍යාපන, සමාජවිද්‍යා සංවර්ධනය සහ ආර්ථික උත්පාදන ක්‍රියාවලිය සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාවේ දායකත්වය හඳුනා ගැනීම.

ඉලක්කගත කණ්ඩායම් :

මාර්ගගත ආකාරයෙන් සතියකට දින දෙක බැගින් වූ සති 8ක කාලයක පවත්වනු ලබන මෙම පාඨමාලාව ඉදිරිපත් කිරීමේ දී විශේෂයෙන් පහත දැක්වෙන ඉලක්කගත කණ්ඩායම් අරමුණුකර ඇත.

  • බාහිර උපාධි පාඨමාලා සඳහා පුරාවිද්‍යාව හා ඉතිහාසය හදාරනු ලබන විද්‍යාර්ථීන්,
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සමගාමි වෙනත් ආයතනයන්ගේ සේවය කරනු ලබන පුරාවිද්‍යා උපාධිධාරින් නොවන කාර්‍ය මණ්ඩල සාමාජිකයින්,
  • විනෝදාස්වාදය සහ වෘත්තීමය වශයෙන් කිමිදුම් කටයුතුවල නියැලෙන ගිළුණු නැව් පිළිබඳව උනන්දුවක් දක්වන්නන්,
  • පාසල් තුළ ඉතිහාසය විෂය උගන්වනු ලබන ගුරුභවතුන්,
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය ඉගෙන ගන්නා සිසුන්,
  • විශ්වවිද්‍යාලයන්හි දී පුරාවිද්‍යාවව හැදෑරීම සඳහා අපේක්ෂිත විද්‍යාර්ථීන්,
  • විශ්වවිද්‍යාලීය මට්ටමෙන් පුරාවිද්‍යා උපාධිය නොහැදෑරූ නමුත් පශ්චාත් උපාධි මට්ටමින් පුරාවිද්‍යාව හැදෑරීමට අපේක්ෂිත විද්‍යාර්ථීන්,
  • පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු එහෙත් එම විෂය පිළිබඳ උනන්දු හා රුචිකත්වයක් දක්වනු ලබන සියලුම  පුරවැසියන්.

අධ්‍යයන ඵල :

මෙම මාර්ගගත  (කෙටිකාලීන) පාඨමාලාව තුළින් පහත අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

  • ජලාශ්‍රිත පුරාවිද්‍යාට අයත් විෂය පරාසය පිළිබඳ සහ එම විෂය සම්බන්ධයෙන් පවතින අර්ථකථන පිළිබඳ අවබෝධයක් ලබා දීම.
  • ජලාශ්‍රිත පුරාවිද්‍යාව නම් විෂය ක්‍රමවත්ව වර්ධනය වූ ආකාරය හඳුන්වාදීම.
  • ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ, කැණීම් සහ සංරක්ෂණ ක්‍රම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණ සහ නව සොයා ගැනීම් පිළිබඳ හඳුන්වාදීම.
  • දියයට ඡායාරූපකරණය සහ ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණ සඳහා දෘශ්‍යකරණ තාක්ෂණයේ අවශ්‍යතාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
  • ශ්‍රී ලංකාව වටා ගිලුණු නැව් ආශ්‍රිත දත්ත කළමණාකරණය සහ එම දත්ත ආර්ථික, සංචාරක සහ පර්‍යේෂණ ප්‍රවර්ධයන සඳහා යොදා ගැනීම පිළිබඳව හඳුන්වා දීම.
  • අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්වී ඇති ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්‍යේෂණ ව්‍යාපෘති පිළිබඳ දැනුවත් වීම.
  • අධ්‍යාපන, සමාජවිද්‍යා සංවර්ධනය සහ ආර්ථික උත්පාදන ක්‍රියාවලිය සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාවේ දායකත්වය හඳුනා ගැනීම.

පාඨමාලා අන්තර්ගතය

අන්තර්ගතය

දේශන කාලය (පැය)

සම්පත් දායකයින්

ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාවය පාඨමාලාව හඳුන්වා දීම (පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, පාඨමාලාවේ අරමුණු, අන්තර්ගතය හා ව්‍යුහය) 1.5 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඬුල්ල
1 ජලාශ්‍රිත පුරාවිද්‍යා විෂය හඳුනා ගනිමු : අර්ථ දැක්වීම, විෂය අධ්‍යයන ඉතිහාසය හා පුරාවිද්‍යාව හා අනෙකුත් සමගාමි විෂයයන් අතර ඇති සබඳතාවය 2 රසික මුතුකුමාරණ
අමල්ක විජේසූරිය
ඩබ්. එම්. චන්ද්‍රරත්න
2 ජලාශ්‍රිත පුරාවිද්‍යා මූලධර්ම – ගවේෂණ, කැණීම් සහ සංරක්ෂණ ක්‍රම 2 රසික මුතුකුමාරණ
3 ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණවල ආරම්භය සහ විකාශනය – වර්තමාන ප්‍රවනතා හා නව සොයාගැනීම් 2 ඩබ්. එම්. චන්ද්‍රරත්න
4 ජලාශ්‍රිත පුරාවිද්‍යා අවශේෂ වාර්තා කිරීම, මිණුම්ගත කිරීමේ ක්‍රමවේද සහ අනෙකුත් ක්ෂේත්‍ර කටයුතු 2 රසික මුතුකුමාරණ
5 කිමිදුම් උපකරණ, කිමිදුම් කටයුතු සහ සමූද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍ර කටයුතු පිළිබඳ හැඳින්වීමක් 2 රසික මුතුකුමාරණ
6 ජාතික හා අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘති පිළිබඳ හැඳින්වීමක් 2 අමල්ක විජේසූරිය
7 ගොඩවාය ගිළුණු යාත්‍රාව (ක්‍රි.පූ. 2වන සියවස) ආශ්‍රිත පුරාවිද්‍යා පර්‍යේෂණ සහ නව සොයාගැනීම් 2 අමල්ක විජේසූරිය
8 දියයට ඡායාරූපකරණය සහ ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණ සඳහා දෘශ්‍යකරණ ක්‍රමවේදයන්ගේ (Visualization) භාවිතය සහ ප්‍රයෝජනය 2  රසික මුතුකුමාරණ
9 ශ්‍රී ලංකාව වටා ගිළුණු නැව් ආශ්‍රිත පර්යේෂණ, එම පර්යේෂණ දත්ත වාර්තාකරණය සහ දත්ත කළමනාකරණය 2 රසික මුතුකුමාරණ
10 සංවර්ධන කාර්යයන් සහ ආර්ථික උත්පාදන කටයුතුවලදී ජලාශ්‍රිත පුරාවිද්‍යාවේ සහ කිමිදුම් සංචාරක කර්මාන්තයේ ඇති වැදගත්කම 2 රසික මුතුකුමාරණ
පොදු සාකච්ඡාව : දේශන පිළිබඳ පොදු සාකච්ඡාව, අදහස් හා යෝජනා, පාඨමාලාව අවසන් කිරීම 1.5 පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් හා සම්පත් දායක මඬුල්ල

දේශන පැවැත්වෙන ආකාරය :

මාර්ගගත දේශන කාලය පැය 20කි.

මෙම පාඨමාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මේ සඳහා ZOOM මෘදුකාංගය භාවිතා කරනු ඇත. මෙම දේශන අඟහරුවාදා හා සිකුරාදා රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ. සෑම දේශනයක් ම පටිගත කර අපගේ LMS එක හරහා ඔබට වෙනත් අවස්ථාවක ඇසීමේ පහසුකම අප විසින් සලසා දෙනු ඇත. එම දේශනය පිළිබඳ ගැටලු ඇත්නම් කරුණාකර අප හට යොමු කරන්න. අප එම දේශනය පැවැත්වූ දේශකයාගෙන් එම ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබාගෙන ඔබ වෙත දැනුම් දෙනු ඇත.

මෙම පටිගත කළ වීඩියෝ පාඨමාලාව අවසන් වී තවත් මාස දෙකක් යන තුරු ඔබට නැරඹීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

ප්‍රායෝගික :

පාඨමාලාවට අදාල ප්‍රායෝගික පුහුණුව දේශන අවසානයේ පැවැත්වීමට සැලසුම් කර ඇත. දේශන සඳහා සහභාගිවන විද්‍යාර්ථීන්ගේ සූදානම සහ අවශ්‍යතාවය අනුව වැඩමුළුව සැලසුම් කරනු ලැබේ. බොහෝවිට ගාල්ල හෝ ත්‍රිකුණාමලය ආශ්‍රිතව මුහුදේ හෝ වෙරළ ආශ්‍රිතව පවතින පුරාවිද්‍යා අවශේෂ වාර්තාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ ක්ෂේත්‍ර චාරිකාවක් මේ සඳහා සැලසුම් කරනු ලැබේ. එහිදී ජලාශ්‍රිත පුරාවිද්‍යා අවශේෂ හඳුනා හඳුනා ගැනීම මූලික වාර්තාගත කරන කටයුතු පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනු ලැබේ.

මේ සඳහා පාඨමාලා ගාස්තුවට අමතරව ගෙවීමක් කිරීමට සිදු වේ.

පාඨමාලා ගාස්තුව හා අයදුම් කිරීම :

මෙම පාඨමාලාවේ දී දේශකයාගේ අවධානය සිසුන් වෙනුවෙන් වැඩිපුර යෙදවීමට සිදු වන බැවින් සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ.

මෙම පාඨමාලාව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 20,000 ක් වේ. මෙම පාඨමාලාවට අයදුම්පත් භාර ගැනීම 2024 සැප්තැම්බර් 03 සිට 2024 සැප්තැම්බර් 15 වැනිදා දක්වා වේ. 2024 සැප්තැම්බර් මස 20 වන දින හෝ ඊට ප්‍රථම පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය. අප ආයතනයේ කලින් පාඨමාලා හැදැරු සිසුන් සඳහා 10% වට්ටමක් හිමි වේ. මේ සඳහා පාඨමාලා සමිබන්ධීකාරිකාව අමතන්න.

2024 සැප්තැම්බර් මස 24 වන දින පාඨමාලාව ආරම්භ වේ.

ශිෂ්‍ය ඇඟයීම :

මෙම ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් වටිනා සහතික පතක් නිකුත් කරනු ලැබේ. සහතික පත නිකුත් කිරීමේ දි දේශන සඳහා ලබා දී ඇති සහභාගිත්වය පිළිබඳ හා සක්‍රීය දායත්වය සැලකිලිමත් වනු ඇත.

සම්පත් දායකයින් :

රසික මුතුකුමාරණ
රසික මුතුකුමාරණජ්‍යේෂ්ඨ පුරාවිද්‍යා නිළධාරී, මුහුදු පුරාවිද්‍යා ඒකකය, ගාල්ල
අමල්ක විජේසූරිය
අමල්ක විජේසූරියකථිකාචාර්‍ය, ඉතිහාස සහ පුරාවිද්‍යා අධ්‍යනාංශය, රුහුණු විශ්ව විද්‍යාලය
ඩබ්. එම්. චන්ද්‍රරත්න
ඩබ්. එම්. චන්ද්‍රරත්නජ්‍යේෂ්ඨ පුරාවිද්‍යා නිළධාරී/ ස්ථානභාර නිළධාරී මුහුදු පුරාවිද්‍යා ඒකකය, ගාල්ල

අයදුම්පත

සහතික පත්‍රයේ සඳහන් විය යුතු ආකාරයට සම්පුර්ණ නම.
සහතික පත්‍රය මේ ලිපිනයට එවනු ඇත.

පාඨමාලා කළමනාකරණය :

ඉංජිනේරු අනුරාධ පියදාස
ඉංජිනේරු අනුරාධ පියදාසඅධ්‍යක්ෂ, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය

පාඨමාලා සම්බන්ධීකරණය :

සිතානි ජයතිස්ස
සිතානි ජයතිස්සපර්යේෂණ සහකාර, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය

දු.ක. අංකය – 0707899789 (Whatsapp)

ඊමේල් ලිපිනය—sithani@iahs.lk

පාඨමාලා සම්බන්ධීකරණය

ආශා සුභාෂණී
ආශා සුභාෂණීපාඨමාලා සම්බන්ධිකරණය

දු.ක. අංකය – 0707899789 (Whatsapp)